Category: korean problems

ස්කිල් ටෙස්ට් එක හෙවත් නිපුණතා පරීක්ෂණය ගත්  කල නිෂ්පාදන , ධීවර , ඉදිකිරීම් , කෘෂි කාර්මික යන අංශවලට පොදුවේ මුහුණ දිය යුතු පරීක්ෂණ ඇති අතර තවද ඉහත අංශ සඳහා වෙන වෙනම වෙන් වූ ක්‍රියාකාරකම් ඇති බව පෙන්වා දිය යුතුය.

1) ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය

  මෙහිදී අතේ ශක්තිය , කොන්දේ ශක්තිය , උස , බර සහ  වර්ණ අන්ධතාවය පරීක්ෂාවට ලක් කරනු ලැබේ.

2) සම්මුඛ පරීක්ෂණය

මෙහිදී මුලින් ම කොරියානු බසින් ආචාර කොට තමා ගැන හැඳින්වීමක් කොරියානු බසින් කළ යුතු අතර  එය වීඩියෝ පටිගත කිරීමක් සිදු කරනු ඇත.

ඉන් පසුව යම් විධානයන් කිහිපයක් කොරියානු අධීක්ෂක විසින් කරනු ලබන අතර ඒවාට අනුව ක්‍රියා කළ යුතුය.(නිදසුනක් ලෙස වම ඇත උස්සන්න යනුවෙන් කොරියානු බසින් පැවසු විට ඔබ එය කළ යුතුය.)

 ඉන් පසුව ඔබ මුලින් තෝරා ගත් අංශයට අදාළ රූප සටහන් පෙන්වා ඒවායේ නම් කොරියානු බසින් පිළිතුරු දිය යුතුය. ඔරලෝසුවේ පෙන්වන වෙලාව කොරියානු බසින් කිව යුතුය.

3) කුසලතා පරීක්ෂණය

  කුසලතා පරීක්ෂණය යටතේ සෑම අංශයකටම පොදු ක්‍රියාකාරකම් ලෙස වළලු දැමීමේ ක්‍රියාකාරකම සහ කූරු දැමීමේ ක්‍රියාකාරකම පෙන්වා දිය යුතුය.

 මෙහිදී තමා තෝරා ගත අංශය එනම්  නිෂ්පාදන , ධීවර , ඉදිකිරීම් , කෘෂි කාර්මික  යන අංශ සඳහා වෙන් වෙන් වූ ක්‍රියාකාරකම් කිරීමට සිදු වේ. මේ සියලු කරුණු කොරියානු භාෂා පරීක්ෂණය සමත් වූ පසු ඔබ තෝරා ගන්නා ගුරුවරයා විසින් හෝ අපගේ app එක මඟින් පැහැදිලි කර දෙනු ඇත.  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Leave a Comment

කොරියාව වෙත යන්න සිහින මවන ඔබ වෙනුවෙන්ම සැකසු ප්‍රථම ස්වයං අධ්‍යන ගුරුවරයා