කුසලතා පරීක්ෂණය මූලික කොටස් 3කින් පවත්වනු ලබන අතර පළමු කොටස ලෙස ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය හඳුන්වා දිය හැකි අතර එහිදී ශරීරයේ සමබරතාවය සහ දරා ගැනීමේ හැකියාව පිලිබඳ පරීක්ෂා කරන අතර දෙවන පරීක්ෂණය ලෙස ක්‍රියාකාරකම් පරීක්ෂණය පෙන්වා දිය හැකිය.මෙහිදී කලින් ඔබ තෝරා ගන්නා ලද අංශයට අනුව පෙර පුහුණුව ලත් යම් යම් ක්රියායාකාරකම් කොරියානු විනිසුරු මඩුල්ල ඉදිරියේ නිශ්චිත කාල සීමාවකට යටත්ව කිරීමට සිදු වේ. අවසාන පරීක්ෂණය ලෙස සම්මුඛ පරීක්ෂණය පෙන්වා දිය හැකිය.මෙහිදී කොරියානු විනිසුරුවරයෙකු සහ ශ්‍රී ලාංකික භාෂා පරිවර්තකයෙකු ඉදිරියේ අසන ප්‍රසන කිහිපයකට කොරියානු භාෂාවෙන් පිළිතුරු දිය යුතු මෙන්ම තමා ගැන කොරියානු භාෂාවෙන් හැඳින්වීමක් කළ යුතුය.මෙය ඔබ ඉදිරියේ ඇති කැමරාවක පටිගත වනු ලැබේ.ඉදිරියේදී කොරියානු ජාතික ආයතන ප්‍රධානියෙක් ශ්‍රමිකයෙකු තෝරා ගැනීමේදී ඉහත කරුණු මනා සේ පරීක්ෂා කර බලා සුදුසු කෙනා තෝරා ගනී .
Leave a Reply