Category:
korean problems
කොරියාවට යෑම සඳහා වියදම් වන මුදල කොපමණද යන්න ගණනය කිරීමේදී කොරියානු භාෂාව හැදෑරීමේ සිට කොරියාවට යාමට පෙර පවත්වනු ලබන අවසාන දේශනය දක්වා යන සම්පුර්ණ වියදම සරල ව පැහැදිලි කරන්නම්.
- * කොරියානු භාෂාව සහ (නිපුණතා පරීක්ෂණය) හැදෑරීම සඳහා – රු. 30,000/=
- විභාග ප්‍රවේශපත්‍රය ලබා ගැනීම සඳහා – ඇ.ඩො..24 (රු.5,000/=ක් පමණ)
- විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි ගාස්තුව –රු.16,416/=
- * වීසා ගාස්තුව. – රු.12,000/=
- විදේශගත වීමට අදාළ බඳවා ගැනීමේ ගාස්තුව. – රු.55,233/=
- පෙර විගමනික පුහුණුව සඳහා ගාස්තුව. – රු.20,000/=
- වෛද්‍ය වාර්තාව සඳහා ගාස්තුව. – රු. 8,500/=
- පොලිස් නිශ්කාෂණ වාර්තාව සඳහා ගාස්තුව. – රු. 1530/=
- ගුවන් ප්‍රවේශපත්‍රය සඳහා ගාස්තුව. – රු. 189,000 /=(මෙය දැනට පවතින මිල වේ.)
- දැනට පවතින කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් අලුතෙන් ඉදිරිපත් කර ඇති වියදම් කිහිපයක් පහත පරිදි පෙන්වා දිය හැකිය.
- PCR පරීක්ෂණ ගාස්තුව. (පළමු වටය ) –රු.8,000/=
- හෝටල් ගාස්තුව – රු.7,500/=
- PCR පරීක්ෂණ ගාස්තුව.(අවසාන දේශනය දිනට පසු කොරියාවට යාමට පෙර දින )-රු.6,500/=
- කොරියාවට යාමේදී පෞද්ගලිකව තමා ළඟ තබො ගත යුුතු මුදල – රු. 40,000/=
- කොරියාවට ගිය පසු නිරෝධායනය වීම සඳහා ගෙවිය යුුතු මුදල – රු.210,000/=
- ඉහත සියලු වියදම් ඇ.ඩො.විනිමය අනුපොතය අනුව යම් යම් කවනස් වීම් සිදුවිය හැකි බව අවධාරණය කරන්න.
- සියලු වියදම් එකතු වූ විට රු.610,000/=ක් පමණ වියදම් වන බව පෙන්වා දිය හැකිය.
Leave a Reply