කොරියානු භාෂාව හන්ගුක් මල් හෙවත් හන්ගුගෝ ලෙස හඳුන්වයි. ඒ වගේම කොරියානු හෝඩිය හන්ගල් ලෙස හදුන්වනු ලැබේ. ප්‍රධාන වශයෙන් කොරියානු භාෂාවේ අකුරු 40කි. එය මුලීක වශයෙන් කොටස් 2 කින් යුක්ත වන අතර ඒවා හන්ගල් යනුවෙන් හදුන්වයි.
ස්වර
කොරියානු භාෂාව තුළ ස්වර කොටස් දෙකකි. ඒවානම් :-
කොරියානු හෝඩිය (한글)
දැන් අපි මෙහි තිබෙන ස්වර හදුනා ගනිමු.
ස්වර ලියනු ලබන්නේ ඉහළ සිට පහළටත් වමේ සිට දකුණටත් වන අතර ස්වරයක් තනිවම උච්චාරණය කළ හැකි නමුත් තනිව ලිවිය නොහැක. ඒ සඳහා "ㅇ"ව්‍යංජන අක්ෂරය යොදාගනු ලැබේ. එම "ㅇ"අක්ෂරය එකතු කිරීමේ දී. සිරස් අතට ලියන ලද ස්වරයක් නම් “o“ අක්ෂරය ලියා ඉදිරියෙන් අදාළ ස්වරය ලියන අතර තිරස් අතට ලියන ලද ස්වරයක් නම් “o” අක්ෂරය ලියා එයට පහළින් අදාළ ස්වරය ලියනු ලැබේ.
✭ මෙසේ “o” ව්‍යංජන අක්ෂරය යෙදෙන්නේ ස්වරය අක්ෂරයක් ලෙස වචනයක යෙදෙන අවස්ථාවේදී ය.
සිරස් ස්වර = ㅏ.ㅑ.ㅓ.ㅕ.ㅣ
ලියන ආකාරය = 아. 야. 어. 여. 이
තිරස් ස්වර = ㅗ. ㅛ. ㅜ. ㅠ .ㅡ
ලියන ආකාරය = 오. 요. 우. 유. 으
මුලික ස්වර
아 - ආ
야 - යා
어 - ඔ
여 - යො
오 - ඕ
요 - යෝ
우 - උ
유 - යු
으 - සංවෘත අ
이 - ඉ
සංයුක්ත ස්වර
ㅐ | ㅒ | ㅔ | ㅖ | ㅘ | ㅙ | ㅚ | ㅝ | ㅞ | ㅟ | ㅢ |
එ | යෙ | ඒ | යේ | වා | වේ | වෙ | වො | වෙ | වී | අඉ |
මූලික ස්වර දෙකක් හෝ කිහිපයක් එකතු වී සෑදෙන ස්වර මෙලෙස හඳුන්වයි.සංයුක්ත ස්වර වචනයක යෙදීමේදී ද මූලික ස්වර ලියන අයුරින්ම “o”ව්‍යංජන අක්ෂරය ලියා පහත පරිදි ලියනු ලැබේ.
애 | 얘 | 에 | 예 | 와 | 왜 | 외 | 워 | 웨 | 위 | 의 |
එ | යෙ | ඒ | යේ | වා | වේ | වෙ | වො | වෙ | වි | අඉ |
අපි දැන් ස්වර ඉගෙන ගත් නිසා වචන ටිකක් කියවන්න බලමු.
උදා-:
우유 ~ ( උයු ) ~ කිරි
아이 ~ ( අයි ) ~ ළමයා
여우 ~ ( යොඋ ) ~ නරියා
오 ~ ( ඕ ) ~ අංක 5
이 ~ ( ඉ ) ~ දත් සහ අංක 2
이유 ~ ( ඉයු ) ~ හේතුව
오이 ~ ( ඔඉ ) ~ පිපිඤ්ඤා
유아 ~ ( යුආ ) ~ ළදරුවා
외워요 ~ ( වෙවොයෝ ) ~ කට පාඩම් කරනවා
와요 ~ ( වායෝ ) ~ එනවා
අපි දැන් කොරියන් හෝඩියේ තියෙන මුලික ව්‍යංජන ඉගෙන ගනිමු.
මුලික ව්‍යංජන 14කි. ව්‍යංජන තනිව උච්චාරණය කළ නොහැක. ව්‍යංජනයක් ස්වරයක් හා එකට එකතු වී උච්චාරණය කළ හැකිය.
ㄱ - ක / ග
ㄴ - න
ㄷ - ත / ද
ㄹ - ල / ර
ㅁ - ම
ㅂ - ප / බ
ㅅ - ස / ෂ
ㅇ - o
ㅈ - ච / ජ
ㅊ - ඡ
ㅋ - ඛ
ㅌ - ට / ථ
ㅍ - ෆ
ㅎ - හ
ද්විත්ව ව්‍යංජන
එක සමාන ව්‍යංජන අක්ෂර දෙකක් තනි ව්‍යංජන අක්ෂරයක් ලෙස යෙදෙන අවස්ථාව මෙලෙස හඳුන්වයි.මෙවැනි ද්විත්ව ව්‍යංජන අක්ෂර 5ක් දක්නට ලැබේ.
ㄲ ~ ක්ක
ㄸ ~ ත්ත
ㅃ ~ ප්ප
ㅆ ~ ස්ස
ㅉ ~ ච්ච
උදා:-
가구 ~ ( කාගු ) ~ ලී බඩු
아기 ~ ( අගි ) ~ බබා
나이 ~ ( නඉ ) ~ වයස
누구 ~ ( නුගු ) ~ කවුද ?
다리 ~ ( තරි ) ~ කකුල /පාලම
가다 ~ ( කදා ) ~ යනවා
라디오 ~ ( ලාදිඕ ) ~ රේඩියෝව
나라 ~ ( නාරා ) ~ රට
모기 ~ ( මෝගි ) ~ මදුරුවා
어머니 ~ ( ඔමොනි ) ~ අම්මා
바보 ~ ( පාබෝ ) ~ මෝඩයා
수도 ~ ( සුදෝ ) ~ අගනුවර
쉬다 ~ ( ස්විදා ) ~ විවේක ගන්නවා
주소 ~ ( චුසෝ ) ~ ලිපිනය
자주 ~ ( චාජු ) ~ නිතරම
치마 ~ ( ඡිමා ) ~ සාය
코코아 ~ ( ඛොඛොආ ) ~ කොකෝවා
토마토 ~ ( තොමාතෝ ) ~ තක්කාලි
피아노 ~ ( ෆිආනෝ ) ~ පියානෝව
호수 ~ ( හෝසු ) ~ වැව /පොකුණ /විල
끄다 ~ ( ක්කදා ) ~ විශාලයි/ලොකුයි
이따 ~ ( ඉත්තා ) ~ ටිකකින්/පසුව
오빠 ~ ( ඔප්පා ) ~ අයියා (ගැහැණු අය අමතන ආකාරය )
가짜 ~ ( කච්චා ) ~ ව්‍යාජ
✸කොරියානු භාෂාවේ ආකාර 4කට අක්ෂර භාවිතයේ යොදනු ලැබේ.
1) ස්වර ආකාරය
2) ව්‍යංජන + ස්වර ආකාරය
3) ස්වර + ව්‍යංජන ආකාරය
4) ව්‍යංජන + ස්වර + ව්‍යංජන ආකාරය
1) ස්වර ආකාරය .
මෙම ආකාරයට අනුව ස්වරය අක්ෂරයක් ලෙස “o”ව්‍යංජන අක්ෂරය සමග වචනයක යෙදෙන අවස්ථාව පහත පරිදි පෙන්වා දිය හැකිය.
උදා :-
1) 아이 ~ ( ළමයා ) 2) 오이 ~ ( පිපිඥ්ඥ )
3) 우유 ~ ( කිරි ) 4) 왜요 ~ ( ඇයි )
2) ව්‍යංජන + ස්වර ආකාරය .
මෙහිදී ව්‍යංජන අක්ෂරයක් ස්වරයක් සමග එකතු වී වචනයක් ලෙස යෙදෙන ආකාරය පහත පරිදි පෙන්වා දිය හැකිය.
උදා:-
1) 가구 ~ ( ලී බඩු ) 2) 치마 ~ ( සාය )
3) 호수 ~ ( වැව ) 4) 시계 ~ ( ඔරලෝසුව )
3) ස්වර + ව්‍යංජන ආකාරය.
මෙහිදී ස්වර අක්ෂරය සමග ව්‍යංජන අක්ෂරයක් හල් කිරීමක් ලෙස එකතු වී වචනයක් ලෙස යෙදෙන ආකාරය පහත පරිදී පෙන්වා දිය හැකිය.
උදා:-
1) 옷 ~ ( ඇඳුම් ) 2) 안 ~ ( ඇතුල )
3) 원 ~ ( වොන් ) 4) 입 ~ ( කට )
4) ව්‍යංජන + ස්වර + ව්‍යංජන ආකාරය .
මෙය ව්‍යංජන අක්ෂරයට ස්වරයක් එකතු වී නැවත ව්‍යංජන අක්ෂරයක් හල් කිරීමක් ලෙස යෙදෙන අවස්ථාවයි. එය පහත පරිදි පෙන්වා දිය හැකිය.
උදා:-
1) 공장 ~ ( කර්මාන්ත ශාලාව ) 2) 산 ~ ( කන්ද )
3) 책상 ~ ( පොත් මේසය ) 4) 극장 ~ ( සිනමා ශාලාව )
받침 - (පත්චිම්) - හල් අකුරු
හල් කිරීම් හෙවත් හල් අකුරු කොරියානු භාෂාවෙන් හදුන්වන්නේ පත්චිම් ලෙසය. ව්‍යංජනයක් හා ස්වරයක් එකතු වී සෑදෙන ප්‍රධාන අක්ෂරයට යටින් ව්‍යංජන අක්ෂරයක් ලියනවිට එය හල් කිරීමක් බවට පත් වේ.
එනම් පහත උදාහරණය බලන්න,
산 - සන් - කන්ද
මෙහිදී උඩින් ඇති[사 ( ස )] අකුර ස්වරයක් හා ව්‍යංජනයක් එකතු වී සැදී ඇති ප්‍රධාන අක්ෂරය වන අතර සැම විටම යටින් ඇති [ㄴ ( න් )] අකුර හල් අකුරක් හෙවත් හල් කිරීමක් වේ. මෙහිදී මෙම කොරියන් භාෂාවේ සෑම වචනයක්ම ලියන විට හල් අක්ෂරය ම ව්‍යංජනයට යටින් ලියනු ලබයි. මෙම කොරියානු වචන උච්චාරණය කරනු ලබන්නේ මුලින් ව්‍යංජනය හා ස්වරය එක් වී සෑදුණු ප්‍රධාන අක්ෂරය ද පසුව හල් අකුරද පිළිවෙලින් ය.
✭ ㅅ +ㅏ+ ㄴ = 산
✭ ㅈ +ㅣ+ ㅂ = 집
උදාහරණ-:
강 = ( කං ) - ගඟ
벽 = ( ප්යෝක් ) - බිත්තිය / තාප්පය
밖 = ( පක් ) - පිටත
කොරියානු භාෂාවේ ඇති ව්‍යංජන 19 අතුරින් ㄸ, ㅃ, ㅉයන ද්ව්ත්ව ව්‍යංජන කිසිවිටක හල් අකුරු ලෙස භාවිතා නොකරයි. ㄲ, ㅆ යන ද්ව්ත්ව ව්‍යංජන ඇතුළුව සියළු ව්‍යංජන අක්ෂර හල් කිරීම් ලෙස භාවිතා වෙන නමුත් ඒවා සියල්ල උච්චාරණය වන්නේ ශබ්ද 7කින් පමණි.
හල් කිරීම | ශබ්දය |
ㄱ,ㅋ,ㄲ | ක් (ㄱ) |
ㄴ | න් (ㄴ) |
ㄷ, ㅅ, ㅆ, ㅈ, ㅊ, ㅌ,ㅎ | ත් (ㄷ) |
ㄹ | ල් (ㄹ) |
ㅁ | ම් (ㅁ) |
ㅂ,ㅍ | ප් (ㅂ) |
ㅇ | o (ㅇ) |
★ ඇතැම් වචනවල හල් කිරීමක් යෙදී පසුව ස්වරයක් ඇත්නම් එම හල් කිරීම ස්වරය හා එකතු වී උච්චාරණය වන අතර ශබ්දයන් දෙකක් උච්චාරණය වන ව්‍යංජන අක්ෂරයක් නම් එහි දෙවන ශබ්දයෙන් උච්චාරණය වේ.
일일 ( ඉල්ඉල් ) මෙහිදී ㄹ ( ල් ) හල් අකුර ඊට පිටුපස ඇති 이 ( ඉ ) සමඟ එකතු වී 리 ( රි ) අකුර සැදේ. ඉන්පසුව 이릴 යන වචනය උච්චාරණය වේ.
일일 - (이릴) = ( ඉරිල් ) - පළමුවෙනිදා
උදා :-
입어요 = (이버요) = ( ඉබොයෝ ) = ( අඳිනවා )
집이 = (지비) = (චිබි) = ( ගෙදර )
손에 = (소네) = ( සොනේ ) = ( අතේ )
십일 = (시빌) = ( සිබිල් ) = ( දින දහයක් )
시험은 =(시허믄) = (සි හොමන් ) = ( විභාගය )
උදා:-
입다 = ( ඉප්තා ) = අඳිනවා
씻다 = ( සිත්තා ) = සෝදනවා
식당 = ( සික්තං ) = ආපන ශාලාව
닫다 = ( තත්තා ) = වහනවා
안경 = ( අන්ග්යොo ) = ඇස් කණ්නාඩි
일본 = ( ඉල්බොන් ) = ජපානය
남동생 = ( නම්දොoසෙo ) = මල්ලි
공장 = ( කොංජo ) = කර්මාන්ත ශාලාව
★ ඇතැම් වචනයක එකිනෙකට වෙනස් ව්‍යංජන අක්ෂර 2ක් පත්චිම් ලෙස යෙදී ඇත්නම් හා ඊට ඉදිරියෙන් ඇත්තේ ස්වරයක් නම් හල් කිරීම ලෙස මුලින් ඇති ව්‍යංජන අක්ෂරය හල් කිරීමක් ලෙසම උච්චාරණය වී පසුව ඇති ව්‍යංජන අක්ෂරය ඉදිරියේ ඇති ස්වරය සමග එකතු වී උච්චාරණය වේ.
★ 앉아요➔안 + ㅈ + 아요➔안자요 (මෙය උච්චාරණය පමණි. මෙසේ ලිවිය නොහැක.)
උදා:-
닭이 = ( 달기 ) = ( තල්ගි ) = කුකුළා
읽어요 = ( 일거요 ) = ( ඉල්ගොයෝ ) = කියවනවා
앉아요 = ( 안자요 ) = ( අන්ජායෝ ) = වාඩිවෙනවා
없어요 = ( 업서요 ) = ( ඔප්සොයෝ ) = ඇත්තේ නැත
★ එසේම වචනයක එකිනෙකට වෙනස් ව්‍යංජන අක්ෂර 2ක් පත්චිම් ලෙස යෙදී පසුව ව්‍යංජන අක්ෂරයක් ඇත්නම් එවිට එයින් එක් ව්‍යංජන අක්ෂරයක් පමණක් උච්චාරණය වේ.
읽다 ~ ( 익따 ) ~ ( ඉක්තා ) ~ කියවනවා
닭 ~ ( 닥 ) ~ ( තක් ) ~ කුකුළා
삶다 ~ ( 삼따 ) ~ ( සම්තා ) ~ තම්බනවා
앉다 ~ ( 안따 ) ~ ( අන්තා ) ~ වාඩිවෙනවා
넓다 ~ ( 널따 ) ~ ( නොල්තා ) ~ පුළුල්
싫다 ~ ( 실따 ) ~ ( සිල්තා ) ~ අකමැතියි
없다 ~ ( 업따 ) ~ ( ඔප්තා ) ~ ඇත්තේ නැත
ඒ අනුව සියළු ම අක්ෂර සහ වචන ලිවීමට කියවීමට හුරු වූ අප දැන් අධ්‍යයනය කළ යුත්තේ කොරියානු භාෂාව කතා කිරීමේදී , ලිවීමේදී භාවිතා කරනු ලබන ක්‍රමවේදයන් ගැන සළකා බැලීමයි.
පළමු ව ලොව සියළු ම භාෂාවන් මෙන් ම කොරියානු භාෂාවේ ද අතීත ( 과거 ), වර්තමාන ( 현재 ), අනාගත ( 미래 ) යනුවෙන් කාල 3 කට බෙදේ.
ඒ අනුව සරල වර්තමාන කාලය යටතේ ක්‍රම 4කට අදහස් ප්‍රකාශ කිරීම සිදු කෙරේ.
⚫ සාමාන්‍ය ප්‍රකාශන
⚫ ප්‍රශ්න කිරීම
⚫ විධානය කිරීම
⚫ යෝජනා කිරීම
මේවා ඉදිරි පාඩම්වලදී සාකච්ඡා කරනු ලැබේ.