Korean Sir Registration

ගුවන් ගමන් බලපත්‍රය යනු කොරියානු විභාගය සඳහා පෙනී සිටින ඔබට නැතිවම බැරි දෙයකි. මෙහිදී ගුවන් ගමන් බලපත්‍රයක් නිකුත් කිරීමේදී සලකා බලන කරුණු සහ අත්‍යවශ්‍යය තොරතුරු බොහොමයක් පහත විස්තරය තුලින් ඔබට දැනගත හැක.
*මේ සඳහා මුලින්ම ඔබට වලංගු ජයාරූපයක් තිබිය යුතුය. (දිග 45මිමි x පළල 35මිමි) *මීලගට ගුවන් ගමන් බලපත්‍රයක් ලබාගැනීමේදී ඔබට පහත ලියකියවිලි මේ සඳහා අනිවාර්යය වේ. හැඳුම්පත සහ එහි පිටපතක් , උප්පැන්න සහතිකය හා එහි පිටපතක්
ශ්‍රී ලංකා ගමන් බලපත්‍රයක් , ආගමන විගමන දෙපාර්තුමේන්තු හදිසි / හඳුනා ගැනීමේ සහතිකයන් සඳහා වන ඉල්ලුම්පත යන ලියකියවිලි මූලිකව අනිවාර්යය වේ.
*මීලගට තිබෙන්නේ අයදුම්පත් පිරවීම සඳහා ඇති අයදුම් පතක් ලබාගෙන පිරවීමයි. මෙය ඔබට ඉතා පහසුවෙන් ආගමන හා විගමන දෙපාර්තුමේන්තු වෙබ් පිටුව හරහා ලබා ගැනීමට හැකියාවක් තිබේ. එසේත් නොමැතිනම් ඔබට මේ සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තුවට අයත් ප්‍රධාන කාර්යාල වලින්ද ලබා ගත හැක. (කුරුණෑගල, මහනුවර මාතර සහ වවුනියාව)
අයදුම්පත පිරවිය යුතු නිවැරදි ක්‍රමවේදය. ( සම්පූර්ණ කල යුතු අයදුම්පත පහත ලින්කුව විවෘත කර බාගත කිරීම කල හැකිය. අවශ්‍ය සියලු තොරතුරු එම අයදුම්පත්‍ර රූප සටහන් මගින් පෙන්වාදී ඇති අතර මෙහි අංක 1 සිට 20 දක්වා පිරවිය යුතු ආකාරය ගැන නිවැරදි අදහසක් ලබා ගන්න )

http://www.immigration.gov.lk/web/images/stories/pdf/form/passport/passport_application.pdf

• එසේ අයදුම් පත පිරවීමෙන් පසුව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් අනුමත කරන ලැබූ ජායාරූප ශාලාවකින් ඔබගේ ජායාරූපය හා ඊට අදාළ බිල් අංකය ලබා ගන්න.
• තවද ඉසුරුපාය ප්‍රධාන කාර්යාලයෙහි සහ අනෙකුත් අනෙකුත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන් මගින්ද මෙය ඔබට ලබා ගත හැක.
• ජායාරූපය වලංගු වන්නේ දින 90ක් පමණක් බවත් මතක තබා ගන්න.
• සියලුම ලියකියවිලි භාර දීම සඳහා දිනයක් හා වේලාවක් කලින් වෙන්කරවා ගැනීමට අවශ්‍ය නම් 0707101060 / 0707101070 යන දුරකතන අංක සඳහා කතා කරන්න. ( දැනට සාමාන්‍ය සේවා කාලය කොරෝනා හේතුවෙන් ඇණ හිට තිබුනත් එක්දින සේවාව සඳහා ක්‍රියාත්මක වනු ඇත. )
• ලියකියවිලි භාර දීමට මත්තෙන් මේ ආකාරයට එය ගොනු කරගෙන ඇත්දැයි බලන්න. ආගමන විගමන දෙපාර්තුමේන්තුව පිහිටන්නේ සුරුපාය බත්තරමුල්ලේ ය.
o අයදුම්පත
o උප්පැන්න සහතිකය
o ජාතික හැඳුනුම් පත සහ එහි පිටපත
o online ජායාරූපයේ පත්‍රිකාව
ලියකිවිලි භාර දීමේදී ප්‍රථම මහල ස්ථානීය අනුපිළිවෙල ගැන අවදානය යොමු කරන්න.
1. ලියකියවිලි පරීක්ෂා කර අංකයක් සහ Token එකක් ලබා දීම සුදු කරයි.
2. ලියකියවිලි වල අනුපිළිවෙල පරීක්ෂා කරයි.
3. ඔබගේ අංකය කතා කරන තුරු රැඳී සිටින්න.
4. අයදුම්පත සහ අනෙකුත් ලියකියවිලි භාර ගැනීම සිදු කරයි.
5. ඇඟිලි සලකුණු ලබා ගන්න අතර මෙහිදී ඇඟිලි දහයෙම ඇඟිලි සලකුණු ලබා ගනී.
6. බැංකුවට මුදල් ගෙවිය යුතු අතර මෙය එක්දින සේවාව සඳහා නම් රු: 15,000ක මුදලක් සහ සාමාන්‍ය සේවාව සඳහා රු: 3,500 ක මුදලක් ගෙවිය යුතු වෙයි. වයස 16ට අඩු ළමුන් සඳහා එක් දින සේවාව සඳහා රු: 7,500 ක් මුදලක් සහ සාමාන්‍ය සේවාව සඳහා රු: 2,500ක මුදලක් ගෙවිය යුතුය.
( ලංකා රජයේ තීන්දු තීරණය මත සියලුම ගාස්තු සංශෝධනය විය හැකිය.)
• භික්ෂූන් වහන්සේලා සඳහා ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ දී උප්පැන්න සහතිකයේ මුල් පිටපත , ජාතික හැඳුනුම්පත සහ ඡායස්ථිති පිටපත් සමඟ ඉදිරිපත් කල යුතුය.
• භික්ෂූ සාමණේර සහතිකය හෝ උපසම්පදා සහතිකය , ඡායස්ථිති සහතිකය සමඟ ඉදිරිපත් කිරීම අනිවාර්ය වේ.
• අයදුම්පත් භාර ගැනීම එක්දින සේවාව හරහා නම් රජයේ දිනවල පෙ:ව 7.00 සිට ප: ව 1.30 දක්වා සිදු කරන අතර සාමාන්‍ය සේවාව නම් රජයේ දිනවල පෙ:ව 8.00 සිට ප:ව 1.30 දක්වා සිදු කරයි.
• පුද්ගල ගුවන් ගමන් බලපත්‍රයක් වලංගු කාල සීමාව අවුරුදු 10ක් වන අතර වයස අවුරුදු 16ට අඩු ළමුන්ගේ ගමන් බලපත්‍රයක් අවුරුදු 3ක් පමණක් වලංගු වේ.
• ඉහත සඳහන් සියල්ල සම්පූර්ණ වූ පසු පමණක් ගුවන් ගමන් බලපත්‍රය ලබාගත හැකිය
• විශේෂයෙන්ම passport හදන්නට පැමිණෙන ඔයාල දිනයක් සහ වේලාවක් වෙන් කරවා ගැනීමට පහත link එකෙ ඇති පෝරමය පුරවන්න
https://eservices.immigration.gov.lk/td


Korean Sir Registration

කොරියාව වෙත යන්න සිහින මවන ඔබ වෙනුවෙන්ම සැකසු ප්‍රථම ස්වයං අධ්‍යන ගුරුවරයා