Korean Sir Registration

1. පළමුව google.com වෙත පිවිස eps topik ලෙස type කරන්න

2. ඉන්පසුව google search බොත්තම මත click කරන්න

3. ඉන්පසුව ලැබෙන පිටුවේ www.eps.go.kr > slmain වෙත පිවිසෙන්න

4. එවිට ලැබෙන පිටුවෙහි ඔබට login වීම සඳහා මුර පදය සහ ID එක ඉල්ලන අතර එය ඔබ ලග නොමැති නිසා Find ID/PW මත click කරන්න.

5. එවිට ඔබට ඉහත ආකාරයේ පිටුවක් විවෘත වන අතර එහි ඉහලින් ඇති කොටුවේ ඔබගේ EPS – TOPIK අංකය ඇතුලත් කරන්න. එම අංකය සොයාගැනීමට ඉතා පහසු වේ. ඔබ ශ්‍රීලාංකිකයෙක් නම් 007 ලෙස අංකය ඇරඹෙන අතර ඉන්පසු පිලිවෙලින් ඔබ විභාගය සඳහා පෙනීසිටි වසර සහ කැපිටල් C අකුරත් ඉන්පසුව ඔබගේ විභාග අංකයත් ඇතුලත් කරන්න. ඔබ 2022 පෙනීසිටි අයකු නම් (0072022C+exam number) ලෙස ඇතුලත් කල යුතුය.

6. EPS – TOPIK අංකය ඇතුලත් කල පසු එයට පහලින් ඇති කොටුවේ ඔබගේ ගුවන් ගමන් බලපත්‍රයේ අංකය සඳහන් කර එයට පහලින් ඇති Find ID යන බොත්තම මත click කරන්න. එවිට ඔබගේ ID එක ඔබට දිස්වනු ඇත.

7. ඔබගේ මුරපදය ලබා ගැනීම සඳහා find password හි ඇති login ID යන කොටුවේ ඉහත ඔබ ලබාගත් ඔබගේ login ID එක type කරන්න

8. ඉන්පසුව එයට පහලින් ඇති කොටුවේ නැවතත් ඔබගේ EPS – TOPIK අංකය ඇතුලත් කරන්න

9. ඉන්පසුව ඇති කොටුවේ ඔබගේ ගුවන් ගමන් බලපත්‍රයේ අංකය සඳහන් කර find password යන බොත්තම මත click කරන්න

10. ඉන්පසුව ඔබට ලැබෙන Message Box එක තුල නිවැරදිව ඔබගේ Email ලිපිනය ඇතුලත් කරන්න.

11. නිවැරදිව විද්‍යුත් තැපෑල තෝරා, OK බොත්තම මත click කිරීමෙන් පසු ඔබගේ විද්‍යුත් තැපෑල තුලට පිවිසීමෙන් ඔබගේ මුරපදය අලුත් කරගත හැක.


Korean Sir Registration

කොරියාව වෙත යන්න සිහින මවන ඔබ වෙනුවෙන්ම සැකසු ප්‍රථම ස්වයං අධ්‍යන ගුරුවරයා