Korean Sir Registration

1.පළමුවෙන්ම google.lk වෙත පිවිස එහි ඇති Search Bar එක තුල ඉහත ඇති ආකාරයට “eps topik” ලෙස type කරන්න.

2.ඉන්පසු පහලින් ඇති Google Search යන බොත්තම Click කරන්න.

3.ඉන්පසුව පළමුවෙන්ම දක්නට ලැබෙන https://www.eps.go.kr › slMain යන පිටුව වෙත පිවිසෙන්න

4. එමගින් ඉහත පෙනෙන ආකාරයේ web පිටුවකට ඔබව ගෙන යන අතර අලුත් ගිණුමක් නිර්මාණය කර ගැනීමට sign up යන බොත්තම click කරන්න

5. ඉන්පසුව දිස්වන පිටුවේ කිසිදු වෙනසක් සිදු නොකර Next යන බොත්තම click කර ඉදිරියට යන්න

6.එමගින් ඔබට ඉහත ආකාරයේ පිටුවක් විවෘත වේවි. එහිදී මුලින්ම eps topik අංකය සඳහන් කරන්න (සැ.යු :- ශ්‍රී ලාංකිකයන්ට ගිණුම සකස් කිරීමේදී මුල් අංකය 007 ලෙසත් ඉන්පසුව ඔබ විභාගය සඳහා පෙනීසිටින වර්ෂයත්, වර්ෂයට පසුව capital C අකුරත් ඉන්පසුව ඔබගේ admission එකෙහි තිබෙන අංකයත් ඇතුළු කරන්න.) උදා:- ඔබ 2022 වසරේ විභාගයට පෙනී සිටින පුද්ගලයෙකු නම් 0072022C ලෙස මුල් අංක කිහිපය පවතින අතර ඔබගේ admission එකෙහි පවතින අංකය අනුව ඉතිරි සංඛ්‍යා වෙනස් වේ. ඔබගේ admission අංකය 50001234 නම් eps- topic අංකය වන්නේ 0072022C50001234 වේ.

7. ඉන්පසු දෙවන තීරුවේ ඔබගේ ගමන් බලපත්‍රයේ අංකය සඳහන් කරන්න

8. නැවත වරක් තමාගේ EPS – TOPIK අංකය හා ගමන් බලපත්‍ර අංකය පරික්ෂා කොට නිවැරදිනම් පමණක් Confirm යන බොත්තම Click කරන්න.
9.ඉන්පසුව විවෘත වන පිටුවේ ඔබට එකඟතාවයන් 5ක් පෙන්නුම් කරනු ඇත.
10. එහිදී එම එකඟතාවයන් 5ටම හරි ලකුණු 5ක් (✓ ) ලබාදෙන්න.
11. ඉන්පසුව පහලින් ඇති Confirm බොත්තම Click කරන්න
12.ඉන්පසුව එන පිටුව තුල ඔබට login වීමට අවශ්‍ය වන ID එක සහ මුරපදය ඉල්ලනු ඇත. ID එක ලබාදීමේදී ඔබගේ නම සමඟ අංකයක් යොදාගැනීමෙන් මතක තබාගැනීමට පහසු වේ. (උදා ඔබගේ නම නිමල් නම් ID එක Nimal1995 වැනි සරල වචනයක් ලබා දෙන්න).
13. මුරපදය ලබා දීමේදී මතක තබා ගැනීමට පහසු සහ අන් අයට හඳුනාගැනීමට අපහසු අංකයක් ලබා දෙන්න. 1234 හෝ උපන්දින හෝ තමාගේ නම වැනි දෑ මුරපදයට යෙදීමෙන් තමන්ට මුරපදය අමතක නොවුවත් වෙනත් කෙනෙකුට ඉතා පහසුවෙන් එය සොයාගත හැකි නිසා එවැනි දෑ මුරපදයට එක් නොකිරීමට වගබලාගන්න. (මුරපදය ලබා දීමේදී පළමු අකුර capital ලෙසත් ඉන්පසුව වචනය අවසානයේ තමන්ට කැමති ආකාරයේ අංකයක් ලබා දෙන්න උදා:- Example5050 වැනි මුරපදයක් යෙදීම තුලින් සරල වුවත් වෙනත් කෙනෙකුට සොයාගැනීමට ඉතාමත් අපහසු දෙයක් වන අතර එයින් ඔබගේ ගිණුමෙහි ආරක්ෂාව තවත් තහවුරු වේ.)
14 අවසාන වශයෙන් එහි ඇති confirm යන බොත්තම click කිරීමෙන් ගිණුම සකස් කර ගත හැක.

15 ඉන්පසු ගිණුම තුලට පිවිසීමේදී ඔබ ඉහත ලබා දුන් ID එක සහ මුරපදය ඉහත ආකාරයට සඳහන් කර Login යන බොත්තම click කිරීමෙන් ගිණුම තුලට පිවිසීමට හැකිවනු ඇත.

16. ඉහත පෙන්වා ඇත්තේ සියලුම අභ්‍යාසයන් නිම කල පුද්ගලයකුගේ ගිණුමකි. එම නිසා ගිණුමක් සාදා නිම කල පමණින් මෙලෙස පෙන්වන්නේ නැති අතර, ඔබට ඇති සියලුම අභ්‍යාසයයන් නිම කිරීමෙන් පසුව පමණක් මෙලෙස ඔබගේ ප්‍රතිපල ගිණුමෙහි දර්ශනය වනු ඇත.
(සැ.යු මෙම ගිණුම මෙතැන් පටන් ඔබගේ සියලුම කටයුතු වල ප්‍රතිඵල දර්ශනය කරන බැවින්, මෙයට යොදන ID එක සහ මුරපදය තරයේ මතක තබාගන්න. යම් කිසි හෙයකින් අමතක උවහොත් නැවත ලබාගත හැකි උවත් එය හැම විටම කල හැකියැයි සිතිමට නොහැක.)

1. Eps-Topik මෙහි ඔබ විභාගය සමත් බවට pass ලෙස සඳහන් වී ඇත.( ඔබේ තොරතුරු නිවරදි බව සලකා වෙබ් එකට ඇතුළත් කිරීමට පටන් ගත්ත බව )
2. 🔊 Job Seeker Roster Forwarding Date මෙහි දී ඔබගේ තොරතුරු කොරියානු මානව සම්පත් ආයතනය වෙත යැවූ බවට send ලෙස සඳහන් වී ඇත.
3. 🔊 Job Seeker Roster Approval Date මෙය ඔබගේ නම වෙබ් අඩවියට ඇතුළත් කළ බව පෙන්වයි. තව ද එදින සිට වසරක කාලයක් වෙබ් අඩවිය තුළ නම සඳහන් වන බව පෙන්වයි.
4. 🔊 Employment Permit Issurance යම් කිසි සේවා යෝජකයෙක් ඔබව තෝරාගෙන කම්කරු ගිවිසුමක් නිකුත් කර ඇත්නම් මෙහි Issued ලෙස සඳහන් වේ.
5. 🔊 Standard Labor Contract Forwarding සේවා යෝජකයා විසින් ගිවිසුම විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත එවූ විට මෙහි දී contract transferred ලෙස සඳහන් වේ.
6. 🔊 Standard Labor Contract Signing කම්කරු ගිවිසුම අත්සන් කර කොරියානු මානව සම්පත් ආයතනය වෙත යැවූ පසු මෙහි දී signed ලෙස සඳහන් වේ.
7. 🔊 CCVI Issurance වීසා නිකුත් වූ පසු මෙහි දී Issued ලෙස සඳහන් වේ.
8. 🔊 Tentative Entry Date මෙය තාවකාලික ඇතුළත් වීමේ දිනයයි. මෙය කොරියානු මානව සම්පත් ආයතනය රටට ඇතුල් විමට දෙන ලද දිනයයි. මෙය හෝ මීට ආසන්න දිනක පිටත්වීමට සිදුවේ.
9. 🔊 Actual Entry Date මෙය පිටත් වීමෙ නියමිත දිනයයි. විදේශ සේවා නියුක්ති කාර්යාංශය තීරණය කරයි.
10. 🔊 Employment Training කොරියාවට පැමිණි පසු කොරියානු මානව සම්පත් ආයතනය විසින් පවත්වන දින තුනක පුහුණුව සම්පූර්ණ වූ පසු මෙහි completed ලෙස සඳහන් වේ.
11. 🔊 Assign to Work අදාළ ගිවිසුම අනුව සේවා පැවරීම මෙහි දී සිදුවේ


Korean Sir Registration

කොරියාව වෙත යන්න සිහින මවන ඔබ වෙනුවෙන්ම සැකසු ප්‍රථම ස්වයං අධ්‍යන ගුරුවරයා