( 한국 )

කොරියානු භාෂාව හැදෑරීමට පෙර අපි කොරියාව ගැන තොරතුරු බිඳක් දැන ගනිමු.

ආසියාවේ සිව්වන විශාලතම ආර්ථිකයට හිමිකම් කියන දකුණු කොරියානු රාජ්‍යය නැගෙනහිර ආසියානු කලාපයේ පිහිටා ඇති රටකි. බටහිර දෙසින් චීනයත්, නැගෙනහිරෙන් ජපානයත්, උතුරෙන් උතුරු කොරියාවත් සහ දකුණෙන් නැගෙනහිර චීන මුහුදත් කොරියාවේ දේශසීමා ලෙස සඳහන් කළ හැකිය . මොන්ගෝලියානු ජන සම්භවයක් ඇති කොරියානුවන් මෙම රටේ ප්‍රධන ජනවර්ගය වේ. මෙහි අගනුවර වන්නේ සෝල් නගරයයි . මිලියන 50කට අධික ජනගහනයක් වාසය කරන මෙහි සමස්ත භූමි ප්‍රමාණය වර්ග කි.මී.100,032 ක් පමණ වේ. වසන්ත, ග්‍රීස්ම, ගිම්හාන, ශීත යන සෘතු 4කින් සමන්විත දේශගුණයකට හිමිකම් කියන සුන්දර රටක් වන මෙය ආසියාවේ 4 වන විශාලත ම ආර්ථිකය හා ලොව විශාලම ආර්ථිකයක් හිමි රටවල් 15 අතරේ සිටින බලවත් රටක් වේ. කෘෂි කර්මාන්තය බහුල ලෙසත් සාර්ථකවත් සිදු කරන රටක් මෙන්ම කොරියාව ප්‍රධාන වශයෙන් අපනයනය කේන්ද්‍ර කරගත් ආර්ථිකයකට හිමිකම් කියයි.

( 한국 )
පුරාවිද්‍යාත්මක සාධකයන්ට අනුව 1910 කොරියානු අධිරාජ්‍යයේ අවසානය තෙක් ගොර්යෝ හා ජොසොන් අධිරාජ්‍යයන්ගේ ආධිපත්‍යය යටතේ තිබූ අතර එය කොරියාව ජපානය සමඟ සම්බන්ධ කරන තෙක් පැවතුණි. සෝවියට් හා ඇමරිකන් හමුදා මෙය අත්පත් කර ගත් පසු මෙය උතුරු හා දකුණු කොරියාව වශයෙන් වෙන් කෙරුණි. 1948 දී මෙහි ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන ලදි. කොරියානුවන් දෙපක්ෂය අතර යුද්ධය, යුධ විරාමයකින් අවසන් වූ අතර ඉන්පසු දකුණු කොරියානු ආර්ථිකය සැළකිය යුතු අන්දමින් වර්ධනය වු අතර, එය මුලික ආර්ථිකයන් හා සම්පුර්ණ ප්‍රජාතන්ත්‍රවාදයක් දක්වා පරිවර්තනය විය. මෙම රටෙහි ජනාධිපති සමුහාණ්ඩුවක් පවතින අතර පාලන ප්‍රදේශ 16 කින් යුක්ත සංවර්ධිත රටක් වන කොරියාව ඉහළ ජිවන මට්ටමක් පවතින රටකි. එය එක්සත් ජාතීන්ගේ සංවිධානය, ලෝක වෙළඳ ආයතනය(WTO), ආර්ථික සහයෝගය හා සංවර්ධනය පිළිබඳ සංවිධානය (OECD) හා G–20 ආර්ථිකයේ සාමාජිකයෙකි. මෙම රට ඇපෙක් සහ නැගෙනහිර ආසියා සමුළුවේ නිර්මාතෘ සාමාජිකයෙකි. 1960 දී ඒක පුද්ගල ආදායම ශ්‍රී ලංකාව හා සම මට්ටමක පැවති දකුණු කොරියාව අද ඉහළ ආදායම් ලබන ආර්ථික (High Income Economies) 15 න් එකක් බවට පත්ව ඇත. සාමාන්‍යයෙන් වසරකට ඇමෙරිකානු‍ ඩොලර් 273ක ප්‍රමාණයකින් සිය ඒක පුද්ගල ආදායම වැඩි කර ගන්නා කොරියාව ශ්‍රී ලංකාව මෙන් 18 ගුණයක් ඉදිරියෙන් සිටී.

1962 - 1966 අතර කාල වකවානුවේදී පළමුවරට 5 අවුරුදු ආර්ථික සැළැස්ම ඉදිරිපත් කිරීම තුලින් කාර්මිකරණයට පිවිසීමට අවකාශය සැළසුණි. කාර්මිකරණය නිසා ගැමි ජනයා නගරය කරා ඇදෙන්නට විය. දකුණු කොරියාවේ මුළු ජනගහනයෙන් 70% පමණ නාගරිකයන්ය. මහා පරිමාණ මෙන්ම තැන තැන පිහිටි කර්මාන්ත ශාලා දහස් ගණනකි. ඇඳුම් නිෂ්පාදනය, ගොඩනැගිලි උපකරණ, ගෘහ උපකරණ, ආහාර නිෂ්පාදන, මෝටර් රථ අමතර කොටස්, කර්මාන්තශාලා මින් කිහිපයකි. සැම්සුන්, එල්.ජී, හයිඋන්ඩායී සහ ඩේවූ වැනි ආයතන ලෝක වෙළදපොළේ ප්‍රධාන සමාගම් බවට පත්ව ඇත. මෙරටේ ප්‍රධාන මුදල් ඒකකය වන්නේ වෝන් ය. සමස්ථ කොරියානු ආර්ථිකය පිළිබද සැළකිල්ලක් යොමු කිරීමේදී දැකිය හැකි සුවිශේෂී ම ලක්ෂණය වන්නේ එරට රජය හා ව්‍යාපාරිකයන් අතර ඇති එකමුතු බවයි. මෙම තත්වය නිසා කොරියාව ඉතා ඉක්මනින් දියුණු වූ රටක් බවට පත්ව ඇත. නූතන ලෝකයේ විවිධ ආර්ථික පැතිකඩ ඔස්සේ ගමන් කර ඇති කොරියාව රැකියා මරමස්ථානයක් වී හමාරය. කොරියාවට එන විදේශ ශ්‍රමිකයන් වෙනුවෙන් මෝටර් රථ නිෂ්පාදනාගාරවල, ඉලෙක්ට්‍රොනික භාණ්ඩ නිෂ්පාදනාගාරවල, සත්ත්ව ගොවිපොළවල, හා ධිවර අංශයේ මෙන්ම ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ද රැකියා දහස් ගණන් නිර්මාණය වී ඇත. මේ වන විට විදේශ රටවල් 16කින් පමණ නුපුහුණු ශ්‍රමිකයන් ලෙස කොරියානු රාජ්‍යයේ රැකියා සඳහා යාමට අවස්ථාව උදා කර දී ඇත.ඉතා විධිමත් ලෙස සංවිධානය කරනු ලබන මාර්ගගත කොරියානු භාෂා පරීක්ෂණය මෙන්ම නිපුණතා පරීක්ෂණය ද සමත් වීම සිහින දේශය ලෙස විරුදාවලිය ලත් කොරියාවට යෑම සඳහා ලැබිය යුතු මූලික ම සුදුසුකම ලෙස පෙන්වා දිය හැකිය.

කොරියාව වෙත යන්න සිහින මවන ඔබ වෙනුවෙන්ම සැකසු ප්‍රථම ස්වයං අධ්‍යන ගුරුවරයා