කොරියාවට යාමට පෙර

      නූතන ශ්‍රී ලාංකික තරුණ පරපුරගේ සිත් සතන්වල “සිහින දේශය”යන විරුදාවලියෙන් කිඳා බැස ඇති කොරියානු රාජ්‍යයේ රැකියා අවස්ථාව උදා කර ගැනීමට නම් මූලික සුදුසුකම්  සමූහයක් සපුරාලීමට අවශ්‍ය බව පෙන්වා දිය යුතු බව අපගේ ප්‍රධාන අරමුණයි.

   ✸ පළමු මූලිකම සුදුසුකම වනුයේ කොරියානු රැකියා අපේක්ෂකයෙකු හෝ අපේක්ෂාවියකගේ වයසයි.  ඒ අනුව අදාළ වර්ෂයේ කොරියානු භාෂා ප්‍රවීණතා පරීක්ෂණය  පවත්වනු ලබන දිනට වයස අවු.18ත්  ~  අවු. 39ත් අතර විය යුතුය.

south-korea

✸ එමෙන් ම අයදුම්කරුවන් සිරගතවීමක් හෝ නීතියෙන් වරදකරු වී බරපතල දඬුවමකට ලක් නොවූ අයෙකු විය  යුතුය.

south-korea

✸ තවද , අයදුම්කරුවන් කොරියානු ජනරජයෙන් පිටුවහල් කිරීමේ හෝ පිටත් වීමේ නියෝග වාර්තාවක් නොමැති අයෙකු විය යුතු අතර කොරියාව තුළ නීතිවිරෝධී  ලෙස එක් දිනක් හෝ නොසිටි අයෙකු විය යුතුය.

south-korea

✸ එපමණක් ද නොව අයදුම්කරුවන් ශ්‍රී ලංකාවෙන් පිටත් වීමේ තහනමකට ලක් නොවූ අයෙකු විය යුතුය.

south-korea

✸ විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමේ දින ශ්‍රව්‍ය දෘශ්‍ය මෙන් ම මුද්‍රිත මාධ්‍යවලින් ද, විදේශ සේවා නියුක්ති කාර්යාංශ  වෙබ් අඩවියේ ද පෙර දැනුම් දීමක් සිදු කරන අතර අදාළ වර්ෂයට කොරියාවෙන් එවනු ලබන කෝටා එකට සරිලන පරිදි විභාග ප්‍රවේශ පත්‍ර කොරියාවෙන් එවනු ලබයි. ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවලින් තෝරා ගත්  මධ්‍යස්ථානවල එම විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කරනු ලැබේ.

south-korea
  විභාග ප්‍රවේශ පත්‍රය ලබා ගැනීමට යන ඔබ පහත කරුණු සම්පූර්ණ කළ යුතු වේ.
1) ජාතික හැඳුනුම් පත හෝ වලංගු රියදුරු බලපත්‍රය සහ ලෝකයේ සියලු රටවලට යා හැකි පරිදි වලංගු වූ ( All  Countries )විදේශ ගමන් බලපත්‍රයක් තිබිය යුතු අතර එය ඉදිරියට වසර දෙකක  කාලයක් වලංගු විය යුතුය. ✸ එමෙන් ම එම විදේශ ගමන් බලපත්‍රයේ ඡායාරූපය දැක්වෙන පිටුවේ 80% ප්‍රමාණයේ ඡායා පිටපත් 2ක් වත් (Photo Copy) තිබීම ද අනිවාර්ය වේ.(අයදුම් පත්‍රයේ ඇලවීම සඳහා)
2) විදේශ ගමන් බලපත්‍රය සඳහා අවශ්‍ය වන ප්‍රමාණයේ සුදු  පසුබිමේ වර්ණ ඡායාරූප අවම වශයෙන් 2ක් තිබිය යුතුය.(සෙ.මී.3.5 × 4.5 )එම ඡායාරූප විභාග ප්‍රවේශ පත්‍ර ලබා ගන්නා දිනට ආසන්නයේ දී එනම්  අනිවාර්යයෙන් මාස 3ක් ඇතුළත  ලබා ගත් ඒවා විය යුතුය.
3) විභාග ප්‍රවේශ පත්‍ර ගාස්තු වශයෙන් ඇ. ඩොලර් 24කට සමාන මුදලක් අයදුම් කරන දිනට අදාළ විනිමය  අනුපාතිකයට අනුව දේශීය මුදලින් ගෙවිය යුතුය.
4) විභාග ප්‍රවේශපත්‍ර නිකුත් කරන  සෑම  මධ්‍යස්ථානයක්  ම කොරියානු මානව සම්පත් සංවර්ධන අධිකාරියේ සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පුර්ණ අධීක්ෂණය යටතේ සිදුකරනු ලබන අතර සියළු අපේක්ෂකයන් සඳහා විභාග ප්‍රවේශ පත්‍රය ලබාගැනීමට අවශ්‍ය අයදුම් පත්‍රය පුරවන ආකාරය එහි නිලධාරී මහත්ම මහත්මීන් විසින් ඔබව දැනුවත් කරනු ලැබේ.
5)  එහිදී පළමු ව විදේශ ගමන් බලපත්‍රය සහ ඡායාරූප පරීක්ෂා කිරීමෙන් පසු වර්ණ අන්ධතා පරීක්ෂණයකට(Color Blind Test) යොමු කරනු ලැබේ. මෙහි දී එම පරීක්ෂණය අසමත් වුවහොත් ඔබට විභාග ප්‍රවේශ පත්‍රය ලබා ගත නොහැකි වනු ඇත.

✸ විදේශ ගමන් බලපත්‍ර ප්‍රමාණයේ සුදු පසුබිමේ වර්ණ ඡායාරූප 05ක් (විභාග ප්‍රවේශපත්‍රය ලබා ගැනීමේදී ඉදිරිපත් කළ ඡායාරූප ම විය යුතුය.)

✸විවාහක නම් විවාහ සහතිකය සහ එහි පිටපතක් (ග්‍රාම නිලධාරියා විසින් සහතික කරන ලද)

✸පුහුණු ගාස්තු සහ වීසා ගාස්තු (මේවායේ නියමිත ගණන් අපගේ app එක හරහා ඔබව දැනුවත් කරනු ඇත.)

✸ඉන් පසුව ඔබ වෛද්‍ය පරීක්ෂණය සඳහා සහ පොලිස් නිෂ්කාෂණ වාර්තාවක් ලබා ගැනීම සඳහා  යොමු කරන අතර  ඒ සඳහා අවශ්‍ය වන සියළු ලේඛන කාර්යාංශය මගින් ලබා දෙනු ඇත.

සේවා ගිවිසුම අත්සන් කළ පසු ඔබ හට කාර්යාංශය මඟින් දින 10ක නේවාසික පෙර විගමනික පුහුණුවකට යොමු කරනු ලැබේ. ඒ සඳහා අවශ්‍ය වන සියළු තොරතුරු ද අපගේ මෙම app එක මඟින් ඔබ ව දැනුවත් කරනු ලැබේ.

✸පුහුණුවට යාමට පෙර කාර්යාංශය විසින් ඔබේ නමින් පෞද්ගලික ලිපිගොනුවක් විවෘත කරන අතර ඔබ කොරියාවට යාමට පෙර එම ලිපිගොනුවේ ඇති පහත සඳහන් සියළු ලේඛන සම්පූර්ණ විය යුතුය.

1) කාර්යාංශ ලියාපදිංචි ගාස්තුව

2) ඇපබැඳුම්කරය

3) ග්‍රාමසේවා සහතිකය.

4) ඇපකරුවන් ලෙස පෙනී සිටින අයගේ වැටුප් වාර්තා සහ සේවා සහතික.

5) විවාහක කාන්තාවක් නම් පවුල් පසුබිම් වාර්තාව

6) බඳවා ගැනීමේ ගාස්තුව.

7) වෛද්‍ය පරීක්ෂණ වාර්තාව.

8) පොලිස් නිෂ්කාෂණ වාර්තාව.

මෙම සියළු කරුණු සම්පූර්ණ වූ පසු ඔබ කොරියාවට යාම සඳහා නියම සුදුස්සෙකු වන අතර කාර්යාංශය මඟින් අවසාන දේශනයක් පවත්වනු ලැබේ. එහිදී කොරියාවට යාමේදී රැගෙන යායුතු දෑ සහ පිළිපැදිය යුතු කරුණු පිළිබඳ ව පුර්ණ දැනුවත් කිරීමක් සිදු කරනු ලබයි.

6)  ඉහත පරීක්ෂණය සමත් වූ පසු එම එක් එක් මධ්‍යස්ථානවලට පැමිණ සිටින බැංකු නියෝජිතයන් වෙත ගොස් විභාග ප්‍රවේශ පත්‍ර ගාස්තු ගෙවා ලබාගත් රිසිට් පත ද රැගෙන අයදුම් පත්‍රය පිරවීම සඳහා යොමු විය යුතුය.

7)  අයදුම් පත්‍ර පිරවීමේ දී  නිෂ්පාදන , ධීවර , ඉදිකිරීම් යන අංශ අතරින් එකක් තෝරා ගත යුතු අතර ඔබ තෝරා ගන්නා විෂය අනුව ලැබෙන ප්‍රශ්න පත්‍රය හා ලකුණු මට්ටම් වෙනස් වනු ඇත.

8)  විදේශ සේවා නියුක්ති කාර්යාංශ නිලධාරීන්ගේ උපදෙස්වලට අනුව අයදුම් පත්‍රය පිරවූ පසු එහි එක් කොටසක් ඔවුන් ළඟ තබා ගෙන එක් කොටසක් ඔබට ලබා දෙනු ඇත.වැදගත් කරුණ නම් එම කොටස ඔබ කොරියාවට යන තුරු ම සුරක්ෂිත ව ළඟ තබා ගත යුතු වීමයි.

9) මේ  සියලු කරුණු සම්පූර්ණ කළ ද ඔබ මනා සෞඛ්‍ය මට්ටමක් නොමැති ශරීරයේ යම් කොටස් සැත්කම් මඟින් ඉවත් කිරීමක්(ඇඟිලි වැනි කොටස්) හෝ උපතින් අංගවිකල හෝ ශරීර අභ්‍යන්තරයේ ලෝහ යොදා සැත්කම් කර ඇත්නම් ඔබට මේ වටිනා අවස්ථාව අහිමි වන බව කණගාටුවෙන් වුවත් කිව යුතුය.

       ඉහත සුදුසුකම් සම්පූර්ණ වූ ඔබ කොරියානු භාෂා ප්‍රවීණතා පරීක්ෂණය  සඳහා සුදුසුකම් ලබන අතර විභාගය සඳහා ඔබ අතට ලැබුණු විභාග ප්‍රවේශ පත්‍ර කොටසේ විභාග අංකයක් සඳහන් කර ඇත. එම අංකයට නියමිත දිනයට මාර්ගගත ක්‍රමයට (Online) විභාගයට පෙනී සිටිය යුතුය.

✸ එම විභාගයට පෙනී සිටීම් සඳහා විදේශ ගමන් බලපත්‍රය හා ඔබ ලබා ගත් විභාග ප්‍රවේශ පත්‍රය ද රැගෙන යාම අනිවාර්ය වේ.

✸ කොරියානු භාෂා ප්‍රවීණතා පරීක්ෂණය සඳහා ඉදිරිපත් වන ඔබ මාර්ගගත (online) ක්‍රමයට පරිගණකානුසාරයෙන් එයට මුහුණ දිය යුතුය.

✸ කඩදාසි , පෑන් , පැන්සල් වැනි උපකරණ රැගෙන යාම තහනම් වන අතර පරිගණකයේ මෞසය (mouse )භාවිතා කරමින් පිළිතුරු සැපයිය යුතුය.

✸ ප්‍රශ්න පත්‍රය සවන්දීම (Listning) සහ කියවීම (Reading) යනුවෙන් කොටස් දෙකකි

✸ එක් ප්‍රශ්න පත්‍රයකට ප්‍රශ්න 40 බැගින් ලැබෙන අතර කාලය මිනිත්තු 50ක් ලැබෙනු ඇත. ඒ අනුව ප්‍රශ්න පත්‍ර දෙක සඳහා ප්‍රශ්න 80ක් ලැබෙන අතර මුළු කාලය මිනිත්තු 100කි.

✸ කියවීම ප්‍රශ්න පත්‍රයේ ඇති ප්‍රශ්න නැවත නැවත පරික්ෂා කර පිළිතුරු සැපයිය හැකි නමුත් සවන්දීම ප්‍රශ්න පත්‍රයේ එසේ කළ නොහැක.

✸ සවන්දීම පත්‍රයේ සෑම ප්‍රශ්නයක් ම දෙවරක් ඉදිරිපත් කරන අතර හොඳින් සවන් දී නිවැරදි පිළිතුර සැපයිය යුතුය.

එමෙන් ම කොරියානු භාෂා ප්‍රවීණතා පරීක්ෂණය සඳහා සුදුසුකම් ලැබූ ඔබ ඉදිරි සියළු තොරතුරු ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ උපදෙස් පරිදි ඔබේ නමින් EPS ගිණුමක් විවෘත කළ යුතු වේ.ඒ සඳහා වැඩිදුර තොරතුරු www.eps.co.kr යන වෙබ් අඩවියෙන් හෝ  www.slbfe.lk යන වෙබ් අඩවියෙන් ඔබට ලබා ගත හැකිය.

ඒ අනුව ඔබ පරීක්ෂණය සමත් ද අසමත් ද යන බව ඔබ නමින් සාදන ලද EPS ගිණුම මඟින් ඔබට ම පරීක්ෂා කර ගත හැකි අතර කොරියාවට යන තුරු ම සියළු තොරතුරු එම EPS ගිණුම තුළින් පරීක්ෂා කර ගත හැකිය.

කොරියානු භාෂා ප්‍රවීණතා පරීක්ෂණය සමත් වූ පසු ඔබව සම්මුඛ පරීක්ෂණය සඳහා කාර්යාංශය මඟින් කැඳවනු ලැබේ. ඒ සඳහා පහත සඳහන් ලේඛන ඔබ විසින් රැගෙන ය යුතුය.

✸ විදේශ ගමන් බලපත්‍රය සහ එහි පිටපතක් (වලංගු කාලය වසර      2කට වැඩි විය  යුතු  අතර වෙනස් කිරීම් ඇත්නම් එම පිටු සහිත ව.)

✸ විභාග ප්‍රවේශ පත්‍රයේ ඔබ වෙත ලබා දී ඇති ඡායාරූපය සහිත කොටස

✸ ජාතික හැඳුනුම්පත සහ එහි පිටපතක්

✸ උප්පැන්න සහතිකය සහ එහි පිටපතක්

✸ ලබාගෙන ඇති ඉහළම අධ්‍යාපන සහතික සහ ඒවායේ පිටපත්

✸ රජයේ පිළිගත් වෘත්තීය පුහුණු ආයතනයකින් ලබාගත් සහතිකයක් ඇත්නම් ඊම සහතිකය සහ එහි පිටපතක් (මෙවැනි  සහතිකයක් ඇත්නම් ප්‍රයෝගික නිපුණතා පරීක්ෂණයේ දී අමතර ලකුණු ලැබෙනු ඇත.)

✸ප්‍රා දේශීය ලේකම් විසින් සහතික කරන ලද ග්‍රාම සේවා සහතිකය සහ එහි පිටපතක්.

කොරියානු භාෂා ප්‍රවීණතා පරීක්ෂණය සමත් වූ පසු දෙවන කඩඉම වනුයේ ප්‍රයෝගික නිපුණතා පරීක්ෂණයයි. කොරියානු මානව සම්පත් සංවර්ධන අධිකාරිය විසින් මෙරටට එවන ලද නියෝජිතයන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ පවත්වන මෙම පරීක්ෂණය ද  කොරියාවට යාමට බලාපොරොත්තු වන සියළුම දෙනා සමත් වීම ද අනිවාර්ය කරුණකි. මෙම පරීක්ෂණයේ පළමු පරීක්ෂණය වන්නේ ද ( Color Blind Test ) වර්ණ අන්ධතාවය පිළිබඳ පරීක්ෂණයයි.එය අසමත් වුවහොත් ඔබට කොරියාවට යාම සඳහා අවස්ථාව අහිමි වනු ඇත. අප ඔබට මේ සඳහා  අවශ්‍ය සියළු විෂය කරුණු මෙන් ම ක්‍රියාකාරකම් පිළිබඳ පූර්ණ අභ්‍යාසයන් අපගේ මෙම app එක මඟින් ඉදිරියේ දී දැනුවත් කරනු ඇත.

කොරියානු භාෂා  පරීක්ෂණය සහ ප්‍රයෝගික නිපුණතා පරීක්ෂණය යන දෙකම සමත් වූ පසු කොරියාවේ ආයතන ප්‍රධානීන්ට පරීක්ෂා කිරීම සඳහා ඔබගේ දත්ත කොරියානු මානව සම්පත්  සංවර්ධන අධිකාරියේ පළවනු ඇත. එහි දී එම ආයතන ප්‍රධානීන් ඔබගේ දක්‍ෂතා පරීක්ෂා කර සුදුසුකම් මත සේවා ගිවිසුමක් එවීමට කටයුතු කරනු ඇත.මේ සියළු තොරතුරු ඔබගේ EPS ගිණුමේ යාවත්කාලීන(update)වන අතර ඒවා ඔබට  තනි ව පරීක්ෂා කර ගත හැකිය.

ඔබගේ නමට සේවා ගිවිසුමක් පැමිණි පසු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත ගිවිසුම අත්සන් කිරීම සඳහා කැඳවීමක් කරනු  ලබයි.

✸ සේවා ගිවිසුම අත්සන් කිරීමට යාමේදී ඔබ පහත සඳහන් ලේඛන රැගෙන යා යුතුය.

✸ විදේශ ගමන් බලපත්‍රය සහ එහි පිටපත් 08ක් (ගමන් බලපත්‍ර යේ වලංගු කාලය වසර 2කට වඩා වැඩි විය යුතුය./වෙනස් කිරීම් ඇත්නම් එම පිටුද සහිතව )

✸ ජාතික හැඳුනුම්පත සහ එහි පිටපත් 04ක්

✸ ඔබේ නමින් විවෘත කර ඇති බැංකු ගිණුම් පොත සහ එහි පිටපතක්(නම , බැංකුව , ශාඛාව හා ගිණුම් අංකය සහිතව )

කොරියාව වෙත යන්න සිහින මවන ඔබ වෙනුවෙන්ම සැකසු ප්‍රථම ස්වයං අධ්‍යන ගුරුවරයා