Korean Sir Registration

කොරියානු භාෂාව

කොරියානු ජාතිකයින් ලිවීමේදීත් කථා කිරීමේදිත් හාවිතා කරන්නේ එකම භාෂාවක් ය. එය ඔවුන්ගේ ජාතික අනන්‍යතාවය විදහාපාන විශිෂ්ට සාධකයන්ද වේ.

කොරියානු භාෂාව මධ්‍යම ආසියාතික අල්තයික් භාෂා පවුලට අයත්ය. ලියන සහ කථා කරන කොරියානු භාෂාව ශතවර්ෂ ගණනාවක් තිස්සේ චීනයේ දේශපාලන හා සංස්කෘතික බලපෑමට නොමද ව ලක් විය. කොරියානු සහ ජපන් බස ව්‍යාකරණාත්මක සමානකම් පෙන්නුම් කරන අතර ම මෙම භාෂා දෙකෙහි ම චීන වචන බහුලය.

කොරියානු හෝඩිය හන්ගල් නම්න් හැදින් වේ. කොරියානු හෝඩිය 1418 – 1450 දක්වා රජ කළ සේජොං රජතුමාගේ නායකත්වයෙන් යුත් විද්වත් මණ්ඩලයක් මගින් 15 වන සියවසේ බිහි විය.

 

ලෝකයේ පවතින භාෂාවන් අතර කොරියානු භාෂාවට සුවිශේෂි වු ස්ථානයක් හිමි ව ඇත. කොරියානු හෝඩිය හන්ගල් යනුවෙන් හඳුන්වනු ලබන අතර එය අක්ෂර 40 කින් සමන්විත වේ. කොරියානු භාෂාව නිර්මාණය කිරිමේ ගරුත්වය ක්‍රි.ව.1418-1450 දක්වා වු සමය තුළ රාජ්‍ය පාලනය කළ සේජෝං නම් රජතුමාට හිමිව අත. ඔහු විසින් බිහිකළ මෙම භාෂාව අද ලෝකයේ බොහෝ රටවල ක්‍රමයෙන් ව්‍යාප්ත වෙමින් පවති. අද අපටද එය ඉගෙනීමේ අවශ්‍යතාවය උද්ගත වී ඇත. මෙම භාෂාව ලොවට දායාද කළ සේජෝං රජතුමාට අපගේ ගරුත්වය හා ප්‍රණාමය පුද කළ යුතුව ඇත.
දකුණු කොරියාවේ රැකියා සඳහා යෑමට බලාපොරොත්තු වන රැකියා අපේක්ෂකයෙකු කොරියන් භාෂාව ( 한국 말 ) අනිවාර්යෙන් ඉගෙන ගත යුතුය. ඒ කොරියානු රැකියා අපේක්ෂා කරන්නෙකු කොරියානු මානව සම්පත් සංවර්ධන අධිකාරිය විසින් පවත්වනු ලබන රැකියා ගිවිසුම් ක්‍රමයට අදාළ කොරියානු භාෂා පරීක්ෂණය E.P.S - K.L.T අනිවාර්යෙන්ම සමත් විය යුතු බැවිනි .

 


Korean Sir Registration

කොරියාව වෙත යන්න සිහින මවන ඔබ වෙනුවෙන්ම සැකසු ප්‍රථම ස්වයං අධ්‍යන ගුරුවරයා